දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි ගුවන් මගීන් 24ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට
Tuesday, 10 March 2020 - 16:16 | Views - 1,428
දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් අද අලූයම පැමිණි ගුවන් මගීන් 24 දෙනෙකු පොලොන්නරුව කන්දකාඩු යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන විත් තිබෙනවා.
ඔවුන් සියලුම දෙනා පිරිමි පුද්ගලයින් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අද උදෑසන 11ට පමණ මෙම පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනවිත් තිබෙනවා.
Share This Article