අයෙකුට මරු කැඳවූ මීගමුව රත්කළ හෝටල් ගැටුමට සම්බන්ධ සැකකරුවන්ට අන්තිමට සිදුවූ දේ
Tuesday, 10 March 2020 - 15:39 | Views - 984
මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනා නීතීඥවරු මාර්ගයෙන් මීගමුව පොලීසියට භාරවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මීට පෙර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරුවන් හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ රාත්‍රියේ අදාළ හෝටලයට කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු සහ කාර්ය මණ්ඩලය සමඟ ඇති කර ගත් ගැටුමේදී එහි සේවකයෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා.
මෙම පිරිස හෝටලයට පැමිණ මත්පැන් පානය කිරීමට උත්සාහ කිරීමේදී හෝටල් හිමිකරු සහ සේවකයන් ඊට විරුද්ධ වීමත් සමඟයි ගැටුම හටගෙන ඇත්තේ.
Share This Article