නිරෝධායනයට 7500ක් ඉල්ලන කතාවේ, ඇත්ත- නැත්ත- [Video]
Tuesday, 10 March 2020 - 14:44 | Views - 1,392
විදේශ ගතව සිට පැමිණෙන, නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන මගීන්ගෙන් දින 14ක ආහාර වේල් 3 සඳහා රුපියල් 7500ක  මුදලක් අය කරන බවට ගුවන් තොටුපළේ දී දැන්වීමත් සමඟ එම ස්ථානයේ අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේ නමුත් එලෙස ගුවන් මගීන්ගෙන් අය කිරීමක් සිදුනොකරන බවයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේ.

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් අද අලූයම පැමිණි ගුවන් මගීන් 181 දෙනෙකු මඩකලපුව - බැටිකලෝ කැම්පස් හි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත මුල් වරට යොමු කරනු ලැබුවා.

ඊට දකුණු කොරියාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු, කොරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු අයත්. ඔවුන් අද කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් බස් රථවල නංවා බැටික්ලෝ කැම්පස් වෙත රැගෙන යනු ලැබුවා.

කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට සිටි විදෙස් ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ,ගුවන් තොටුපළේ වෙනත් ස්ථානයක සිටි සිය ඥාතිකුට දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේ, අප මාධ්‍යවේදියා විසින් රු 7500 ගැන කිවූ කතාව පටිගත කර තිබුණේ මෙලෙසින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top