රණවරා මල් කැඩීමට ගිය කාන්තාවක් වන අලි ප්‍රහාරයකින් මරුට
Tuesday, 10 March 2020 - 12:11 | Views - 1,273
මැදවච්චිය - තුලාවෙල්ලිය ප්‍රදේශයේදී කාන්තාවක් වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබෙනවා.
ඇය සිය සැමියා සමඟ ඊයේ උදෑසන රණවරා මල් කැඩීම සඳහා වනයට ගොස් ඇති අතර, එහිදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි මැදගම - පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
Share This Article