මවට හා පියාට පහර දී 19 හැවිරිදි දියණිය පැහැරගත් සිද්ධියට දෙදරු පියෙක් මාට්ටු
Tuesday, 10 March 2020 - 11:14 | Views - 1,042
මවට හා පියාට  පහර දී නිවසේ බඩු බාහිරාදිය පොඩි කරදමා 19 හැවිරිදි දියණියක පැහැරගෙන යෑමේ සිද්ධියක් 09 දින රාත්‍රියේ ගලේවෙල කොස්ගහහින්න  ප්‍රදේශයෙන් වාර්තාවී ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මව සහ පියා ගලේවෙල රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙසේ තුවාල ලබා ඇති මවගේ සහ පියාගේ වැඩිමහල් පිරිමි දරුවෙකු විවාහ වී සිටින බිරිඳගෙ පියා හා  සහෝදරයෙකු ඇතුළු පිරිසක් මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

මෙම තරුණිය පැහැරගෙන ගිය බව කියන පුද්ගලයා දරුවන් දෙදෙනකු හා බිරිදක්ද සිටින අයකු බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට  ලැබුණු තොරතුරක් මත ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාකර බැලීමේදී වාර්තා වී ඇත්තේ අරුම පුදුම කතාවක් බව පොලිසිය කියයි.

කොස්ගහහින්න  සහ බඹරගස් වැව ආසන්නයේ පිහිටි ගම්මාන දෙකක් බවත් දැනට තුවාල ලබා සිටින මව සහ පියාගේ වැඩිමහල් වූ පුතා විවාහ වී සිටින බිරිඳගේ සහෝදරයා  කොළඹ ප්‍රදේශයේ කාන්තාවක සමඟ විවාහවී දරුවන් දෙදෙනෙකු ද සිටින අයෙකු බව පොලිසිය කියයි .ඒ කාලය අතරතුරදී මෙම නිවසේ සිටි දහ නම හැවිරිදි තරුණිය සමඟද මෙම  විවාහකයා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇයද හොර රහසේ විවාහ කරගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මීට පෙර දෙදරු පියා විසින් දහනම හැවිරිදි තරුණිය වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් රඳවාගෙන සිටිය දී දැරියගේ පියා සහ පවුලේ ඥාතීන් ගොස් නැවතත් එම දැරිය නිවෙසට කැඳවාගෙන විත් තිබෙන බවත් අවස්ථා කිහිපයකම මෙම පුද්ගලයා තමාගේ විවාහක දෙවන බිරිද ඉල්ලා අරගල කොට තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 පසුව දෙවැනි බිරිඳ ලබා නොදීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ පියා සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සමග වෑන් රථයකින් පැමිණ නිවැසියන්ට පහර දී දහ නම හැවිරිදි තරුණිය  පැහැරගෙන යෑම සිදුකොට ඇතැයි පොලීසිය කියයි.

 මීට පෙරද මෙම ආරවුල සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබුණු බවද පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් තරුණිය පැහැරගෙන ගියේ කොහෙද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර  අනවසර ඇතුළුවීම, නිවාසයේ ගෘහ භාණ්ඩ වලට හානි කිරීම, මෙන්ම බහු විවාහයක් සිදු කිරීම, කලහකාරී ලෙස හැසිරීම ආදී චෝදනා පිළිබඳව  නැවත වරක් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට   කරුණු වාර්තා කිරීමට සූදානම් බව පොලිසිය කියයි.

එකම පවුලේ ළඟම ඥාතීන් අතර පවතින මෙම ආරවුල  නිසා ප්‍රදේශයේ  සාමයට බාධාවක් වන ආකාරයට ඇතැම් පිරිස් හැසිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  රුක්ෂාන්  පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

(දඹුල්ල කේ .කේ .ආරියදාස)
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top