තෙල් මිල යළි ප්‍රකෘතිමත් වෙයි
Tuesday, 10 March 2020 - 10:02 | Views - 2,461
කොරෝනා වෛරසයෙන් ඇති වූ ආර්ථිකමය බලපෑම මෙන්ම සෞදි අරාබිය සහ රුසියාව අතර පවතින මිල යුද්ධය හේතුවෙන් සීඝ්රයෙන් ඉහළ ගිය තෙල් මිල ආසියාකරයේ වෙළද කටයුතුවලදී අද උදෑසන සුළු වශයෙන් ප්‍රකෘතිමත් වී තිබෙනවා.
ඊයේ දිනයේ තෙල් මිල සියයට 30කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුණේ 1991 ගල්ෆ් යුද්ධයෙන් පසු විශාලතම මිල පහත වැටීම සලකුණු කරමින්.
එහෙත් අද උදෑසන බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සියයට 6.6කින් ඉහළ ගොස් ඩොලර් 36ක් ලෙස සටහන් වී ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව් ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 6.1කින් ඉහළ ගොස් ඩොලර් 33ක් ලෙස සටහන් වුණා.
Share This Article