12 හැවිරිදි දැරියකට විවාහකයා අතවර කරලා
Tuesday, 10 March 2020 - 8:44 | Views - 1,305
අවුරුදු 12 යි මාස 6 ක් වයසැති ඥාති දියණියකට බරපතළ අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් හතළිස්පස් හැවිරිදි විවාහක පුද්ගලයකු ඇතිමලේ පොලිසිය පෙරේදා (7 දා) අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත්වූ දැරියගේ මව විදේශගතව සිටින අතර පියා ඔවුන් හැර ගොසිනි. අතවරයට පත්වූ දැරිය හා සහෝදරයන් දෙදෙනා මිත්තණියගේ රැුකවරණය යටතේ ජීවත් වේ.

ඉකුත් ජනවාරි මාසයේ දිනයකදී දැරිය පාසල් ගොස් එන අතරමඟදී ඇයට බීම බෝතලයක්, බිස්කට් හා චොක්ලට් සමඟ රුපියල් දෙසීය පනහක් ලබාදී ළඳු කැලෑවක් අසළ ඇළ මාර්ගයකට කැඳවාගෙන ගොස් අපයෝජනයට ලක්කර තිබේ. අපරාධකරු විසින් එම සිද්ධිය කිසිවෙකුට දැනුම් නොදෙන ලෙසද පවසා ඇත.

සිද්ධියෙන් මාස එකහමාරකට පසු එම සිද්ධිය දැරිය විසින් ඇයගේ ලොකු අම්මාගේ දියණියට පවසා තිබේ. ලොකු අම්මා විසින් ඒ පිළිබඳව ඇතිමලේ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරු සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. ඇතිමලේ පොලිස් ස්ථානාධිපති නිලන්ත බුලත්සිංහල මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top