ජ’පුර සරසවියේ සිසු අනතුර නවකවදයක් දැයි පරීක්ෂණ
Tuesday, 10 March 2020 - 8:18 | Views - 550
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය නවකවදය පදනම් කරගෙන සිදුවූවක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය සහ පොලීසිය එක්ව වෙන වෙනම මේ පිළිබදව පරීක්ෂණ සිදුකරන බවයි උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අනතුරට  ලක්වූ සිසුවා මෙ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පසුගිය 6 වන දා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කර තිබී ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන්.

නවකවදය නිමාව සලකුණු කරන මෙම උත්සවය සරසවි සිසුන් හඳුන්වන්නේ බකට් සාදය ලෙසින්.

මෙම උත්සවය රාත්‍රී 8.30ට පමණ අවසන් වී ඇති අතර ඊට සහභාගි වූ සිසුන් බහුතරයක් එම පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, සිසුන් පිරිසක් තවදුරටත් එම ස්ථානයේ රැදී සිට විනෝද වෙමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී විනෝද වන ස්ථානයට ගෙන විත් තිබූ ටයරයක් උස් ස්ථානයක සිට මෙම සිසුවාගේ හිසට වැටී අනතුරට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී සිසුවා අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි.

සිද්ධියෙන් තුවාල ලබා මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top