පළාත් 04ක් අද උණුසුම් වෙයි
Tuesday, 10 March 2020 - 8:15 | Views - 794
සබරගමුව පළාතේ ස්ථාන ස්වල්පයක අද (10) පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය සඳහා උණුසුම් කාලගුණයක් අද (10) දිනයේ බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු වනවා.
Share This Article