ඉතාලියේ කොරෝනා මරණ තුන් ගුණයකින් ඉහළට - ඉරානය සිරකරුවන් 70,000ක් මුදා හරී
Monday, 09 March 2020 - 19:49 | Views - 1,058
චීනය සහ ඉතාලිය හැරුණු කොට කොරෝනා වෛරස් මරණ වැඩිම සංඛ්‍යාවක් එනම් 237ක් වාර්තා වන ඉරානය එරට බන්ධනාගාරවල සිටින සිරකරුවන් 70,000ක් පමණ මුදා හැර තිබෙනවා.

ඒ, වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම වළක්වා ගැනීමටයි.

ඉරාන අධිකරණ ප්‍රධානී ඊබ්‍රාහිම් රයිසි ප්‍රකාශ කළේ සමාජයේ අනාරක්ෂිතභාවයක් නිර්මාණය නොවන ආකාරයෙන් ඔවුන් නිදහස් කළ බවයි.

එය තවදුරටත් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ද 7161 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 3892ක් වාර්තා වන අතර, ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ එක්ලක්ෂ 11,321ක් ලෙසයි.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් චීනයෙන් වාර්තා වන අතර, ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉරානය අභිබවා දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, ඉතාලියේ කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 133 සිට 366 දක්වා තුන් ගුණයකින් පමණ ඉහළ යාමෙන්.

එමෙන්ම, ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව ද මේ වන විට 7375 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය වැඩි වශයෙන් පැතිරෙන උතුරු ඉතාලියේ ප්‍රාන්ත ගණනාවක් මේ වන විට නිරෝධානයට ලක් කරන අතර, එම ප්‍රදේශවල ජනගහනය මිලියන 16කට අධිකයි.

එය ඉතාලියේ මුළු ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවක්. එම ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් ද 70,000ක් සිටින බව සඳහන්.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉතාලියේ ජන ජීවිතය අඩාල වී ඇති අතර, ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරඟ සහ කලා උළෙල අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ පුනරුදය සලකුණු කළ රෆායෙල්ගේ 500 වන අනුස්මරණ ප්‍රදර්ශනය ද නතර කිරීමට රෝම බලධාරීන් ඊයේ තීරණය කළා.

කොරෝනා වෛරසය මේ වන විට ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක පැතිර ඇති අතර, ගත වූ පැය 24 තුළ තවත් රටවල් 8කින් කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top