වියළි කාලගුණය අප්‍රේල් මස අග දක්වා
Monday, 09 March 2020 - 19:34 | Views - 840
දිවයිනට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ජන ජීවිතයට මෙන්ම  ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම වියළි කාලගුණය අප්‍රේල් මස අග භාගය දක්වා අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් හෙට දිනයේත් බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු වනවා.

මේ වන විට වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව  දෙලක්ෂයකට අධිකයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් පවුල් 50,000 ක් පමණ පිරිසක් පිඩාවට පත්ව ඇති බවයි.

මේ අතර, වියළි කාලගුණයෙන් ක්ෂේත්‍ර රැසකට ද බලපෑම් එල්ල වී තිබෙනවා. වෙළදපොළේ ඇතැම් නිෂ්පාදනවල මිල ඉහළ ගොස් ඇත්තේ එහි බලපෑම හේතුවෙන්.

අමු තේ දළු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 110 දක්වා ඉහළ ගොස් ඇති අතර,  ඇතැම් එළවළුවල මිල ද මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top