කොරෝනා අවදානම නිසා ඉරානය සිරකරුවන් 70,000ක් මුදා හරී
Monday, 09 March 2020 - 17:26 | Views - 477
චීනය සහ ඉතාලිය හැරුණු කොට කොරෝනා වෛරස් මරණ වැඩිම සංඛ්‍යාවක් එනම් 237ක් වාර්තා වන ඉරානය එරට බන්ධනාගාරවල සිටින සිරකරුවන් 70,000ක් පමණ මුදා හැර තිබෙනවා.
ඒ, වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම වළක්වා ගැනීමටයි. ඉරාන අධිකරණ ප්‍රධානී ඊබ්‍රාහිම් රයිසි ප්‍රකාශ කළේ සමාජයේ අනාරක්ෂිතභාවයක් නිර්මාණය නොවන ආකාරයෙන් ඔවුන් නිදහස් කළ බවයි.
එය තවදුරටත් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ද 7161 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් මරණ 3892ක් වාර්තා වන අතර, ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ එක්ලක්ෂ 11,228ක් ලෙසයි.
Share This Article