හෙට ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල කප්පාදුවක්
Monday, 09 March 2020 - 17:12 | Views - 825
හදිසි අලූත්වැඩියාවක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක සහ සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව කැළණිය, වත්තල, බියගම, මහර, වත්තල, දොම්පේ, ජාඇල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද හෙට පෙරවරු 8 සිට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.
Share This Article