පළාත් 4කට හෙට උණුසුම් කාලගුණ තත්ත්වයක්
Monday, 09 March 2020 - 14:14 | Views - 1,274
බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් හෙට දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු බවයි.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳවද අවධානයෙන් පසුවිය යුතු බව එහි තවදුරටත් සඳහන්.
Share This Article