මහ මැතිවරණයට තරඟ කිරීම ගැන පක්ෂවලට දැනුම්දීමට තිබූ කාලය අදින් අවසන්
Monday, 09 March 2020 - 14:03 | Views - 610
මහ මැතිවරණයට තරඟ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට දැනුම් දීමට ලබාදුන් කාලය අදින් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර දින 07ක් ඇතුළත දේශපාලන පක්ෂ ඊට තරඟ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් දැනුම් දිය යුතු බව මහ මැතිවරණ පනතේ සඳහන් කර ඇති බවයි.
ඒ අනුව දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණයට තරඟ කරන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය මෙලෙස මහ මැතිවරණයට තරඟ කරන්නේ යැයි දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයා කියා සිටියේ.
Share This Article