මහ මැතිවරණයට තරඟ කිරීම ගැන පක්ෂවලට දැනුම්දීමට තිබූ කාලය අදින් අවසන්
Monday, 09 March 2020 - 14:03 | Views - 611
මහ මැතිවරණයට තරඟ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට දැනුම් දීමට ලබාදුන් කාලය අදින් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර දින 07ක් ඇතුළත දේශපාලන පක්ෂ ඊට තරඟ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් දැනුම් දිය යුතු බව මහ මැතිවරණ පනතේ සඳහන් කර ඇති බවයි.

ඒ අනුව දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණයට තරඟ කරන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය මෙලෙස මහ මැතිවරණයට තරඟ කරන්නේ යැයි දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයා කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top