බවුසරයක බස් රථයක් ගැටී, බදුල්ල - මහියංගනය මාර්ගයේ අනතුරක්
Monday, 09 March 2020 - 12:07 | Views - 847
බදුල්ල - මහියංගනය මාර්ගයේ තල්දෙන විහාරස්ථානය අසල දී අද (09) පෙරවරුවේ සිදුවූ අනතුරකින් කුඩා දරුවක් ඇතුළු 14 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන් බදුල්ල සහ මීගහකිවුල යන රෝහල් වෙත ඇතුළත් කළ බවයි.
බස් රථයක් මාර්ග අසල නවතා තිබූ බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
හල්දුම්මුල්ල ප්රදේශයේ පදිංචි පිරිසක් මෙම අනතුර මුහුණ පා තිබෙනවා.
අනතුරින් ඒ අසල තිබූ ලොරි රථයකට ද හානි සිදුව ඇති අතර බදුල්ල පොලීසිය අනතුර පිළිබද පරීක්ෂණ පවත්වනවා.
Share This Article