තිරප්පනේ රිය අනතුරකින් 18ක් රෝහලේ
Monday, 09 March 2020 - 11:23 | Views - 2,974
යාපනය - මහනුවර ඒ 9 මාර්ගයේ තිරප්පනේ ප්රදේශයේදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක සහ කොන්ක්රීට් වැඩබිමක ගැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අද (09) අලුයම 3.15 ට පමණ බස් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මොවුන් වන්දනා ගමනකට ගොස් නැවත පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article