තම දරුවන් දෙදෙනා ඝාතනය කර, පියෙකු සියදිවි නසාගනී
Monday, 09 March 2020 - 8:17 | Views - 7,806
ගොකරැල්ල - වැව්සිරිගම ප්‍රදේශයේදී පියෙකු දරුවන් දෙදෙනාගේ ගෙළ කපා සියදිවි හානි කරගෙන තිබෙනවා.
සිද්ධියෙන් මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 06 ක් වන අතර ගැහැණු දරුවා තුන් හැවිරිදි වියේ පසුවනවා.
සියදිවි හානිකරගත් පියාගේ වයස අවුරුදු 32 ක්.
සිය නිවස තුළදී පියා දරුවන් දෙදෙනා මෙලෙස ඝාතනය කර සියදිවි හානිකරගෙන ඇති අතර, දරුවන්ගේ මව කටුනායක ප්‍රදේශයේ රැකියාවක නිරතවන බවයි පොලිස් පරීක්ෂණවලදි අනාවරණ වී ඇත්තේ.
ආර්ථීක අපහසුතා හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් මත මෙම අවාසනාවන්ත සිද්ධිය වන්නට ඇති බව පොලීසිය සැක පළ කරනවා.
Share This Article