ඉතාලිය, කොරියාව සහ ඉරානයෙන් පැමිණෙන්නන් නිරෝධායනය අද සිට
Monday, 09 March 2020 - 8:10 | Views - 1,002

නව කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇති ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලූ මගීන් නිරෝධායනය කිරීම අද (09) සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ මඩකලපුව බැටිකලෝ කැම්පස් අධ්‍යාපන ආයතනය සහ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර එම කටයුතු සඳහා වෙන්කර ඇති බවයි.
උණ රෝගී තත්ත්වයන් හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක මේ වන විට පුද්ගලයන් අටදෙනෙකු පසුවන බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා.
මේ අතර ලොව පුරා නව කොරෝනා ආසාදනයෙන් පුද්ගලයන් 3806 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිත සංඛ්‍යාවද එක්ලක්ෂ 9,936 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් 6,129 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම තවත් 60,979 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
වෛරසය ආරම්භවූ චීනයේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 80,703ක් ලෙස සටහන් වන අතර, මරණ 3,098ක් වාර්තාවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
චීනයට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන ඉතාලියෙන් නව මරණ සංඛ්‍යාව 133ක් වාර්තාවන අතර, ඒ අනුව එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 366ක්.
ඉරානයේ මරණ 194ක් සහ දකුණු කොරියාවේ මරණ 50ක් වාර්තාවනවා.
ප්‍රංශයේද ආසාදිතයන් 209ක් වාර්තාවී ඇති අතර, මරණ 19ක් සිදුව තිබෙනවා.
Share This Article