මාරවිල රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට
Sunday, 08 March 2020 - 16:19 | Views - 436
මාරවිල - උඩුබද්දාව මාර්ගයේ තම්බෝව - මකර තොරණ අසළ දී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් ගමන් ගත් යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටී, මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, පසුව එය ලොරි රථයක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
ඊයේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගිය මවගේ වයස අවුරුදු 54ක් වන අතර දියණිය 21 වන හැවිරිදි වියේ පසුවනවා.
මොවුන් මීගහපැලැස්ස - විලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Share This Article