මැලේසියාව සහ තායිලන්තය, සුපිරි මගී නෞකාවලට තහංචි පනවයි
Sunday, 08 March 2020 - 14:50 | Views - 399
කොවිඩ් - 19 වෛරස් ආසාදිතයන් සිටිය හැකි බවට සැක පළවීම හේතුවෙන් සුපිරි මගී නෞකාවලට සිය රටේ වරාය වෙත ඇතුලුවීම මැලේසියාව සහ තායිලන්තය විසින් වළක්වා තිබෙනවා.

කොස්ටා ෆෝටුනා නැමති මගී නෞකාව සිකුරාදා දිනයේ තායිලන්තයේ ෆූකට් දිවයින වෙත පැමිණි නමුදු එය එය නැංගුරම්ලෑම බලධාරීන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එය ඉන් පසු ගමන් කළේ මැලේසියාවේ පෙනැන් වරාය වෙතයි. එහි ද නෞකාව නතර කිරීමට ඊයේ දිනයේ අවසර නොලැබුණු අතර, මැලේසියානු බලධාරීන් ප්‍රකාශ කළේ සියලුම මගී නෞකාවලට සිය රටේ වරාය වෙත ඇතුලුවීම නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බවයි.

කොස්ටා ෆෝටුනා නෞකාවේ ඉතාලි ජාතිකයන් 64 දෙනෙකු සිටින අතර, ඉතාලිය කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ යුරෝපීය රාජ්‍යයයි. කෙසේ නමුත් මෙම නෞකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සිටින බවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

තායිලන්තයෙන් සහ මැලේසියාවෙන් හරවා යවන ලද කොස්ටා ෆෝටුනා නෞකාව ඉන් අනතුරුව සිංගප්පූරුව දෙසට ගමන් කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.

පසුගිය පෙබරවාරි මාසයේ වෙස්ටර්ඩෑම් නැමති සුපිරි මගී නෞකාව කොරෝනා වෛරස් ආසාදිතයන් පිළිබඳ සැකය හේතුවෙන් අග්නිදිග ආසියාතිත රටවල් 5ක නැංගුරම්ලෑම ප්‍රතික්ෂේප කෙරුණු අතර, පසුව ඒ සඳහා අවසර ලබා දුන්නේ කාම්බෝජයයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top