වියලි කාලගුණය අප්‍රේල් මස මැද භාගය තෙක්
Sunday, 08 March 2020 - 14:33 | Views - 541

පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 06 ක පුද්ගලයින් දෙලක්ෂ 98,045 ක් පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල පවුල් 74,778 ක ජනතාව ඒ අතර වන බවයි.
මේ අතර, මේ වනවිටත් ජලාශ කිහිපයක ජල මට්ටම පහළ බැස ඇති අතර, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සටහන් වන්නේ සියයට 42.8ක් ලෙසයි.
බෝවතැන්න ජලාශයේ ජල මට්ටම සියයට 42.4 දක්වා අඩු වී ඇති අතර, රන්ටැඹේ ජලාශයේ ජල මට්ටම 39.1% ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
සමනල වැව ජලාශයේ ජල මට්ටම 41% ක් ලෙස දැක්වෙන අතර, කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලද ජල මට්ටම පහත බැස තිබෙනවා.
මේ අතර, බොහෝ ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලැබීමේ තත්ත්වය අවසන් කිරීමට නම් ධනවතුන්ගෙන් අය කෙරෙන ජල බිල්පත් ගාස්තුව ඉහළ දමා ඔවුන්ගේ ජල පරිභෝජනය පහළ දැමිය යුතු බව හිටපු ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ පවතින වියලි කාලගුණ තත්ත්වය අප්‍රේල් මාසයේ මැද භාගය දක්වා පැවතිය හැකි බවයි.
Share This Article