මැලේසියානු ගුවන් යානය අතුරුදන්වී සය වසරයි
Sunday, 08 March 2020 - 14:06 | Views - 636
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා ගමන් ගනිමින් සිටියදි එම්.එච්. 370 ගුවන් යානය අතුරුදන්වී අදට වසර හයක් සපිරෙනවා.
2014 වසරේ මාර්තු 8 වනදා යානය මෙලෙස සලකුණක් නොතබා ගුවනේ අතුරුදන්වූ අතර, එහි සුන්බුන් සොයා සිදුකළ මෙහෙයුම්වලින් ප්‍රතිඵලයක් අත්වූයේ නැහැ.
මැලේසියාව, චීනය සහ ඔස්ට්‍රේලියාව දකුණු දිග ඉන්දීය සාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් 2017 වසරේ ජනවාරි මාසයේ අත්හැර දමනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 133ක් ඒ සදහා වැය කිරීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත් යානය අතුරුදන්වී වසර හයක් ගතවද්දී සිය නෑ හිතුවතුන් සමඟ අතුරුදන්වූ ගුවන් යානය සොයන ලෙසට නව ඉල්ලීම් ඉදිරිපත් වන බව විදෙස් ප්රවෘත්ති සේවා සඳහන් කළා.
Share This Article