මැලේසියානු ගුවන් යානය අතුරුදන්වී සය වසරයි
Sunday, 08 March 2020 - 14:06 | Views - 637
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා ගමන් ගනිමින් සිටියදි එම්.එච්. 370 ගුවන් යානය අතුරුදන්වී අදට වසර හයක් සපිරෙනවා.

2014 වසරේ මාර්තු 8 වනදා යානය මෙලෙස සලකුණක් නොතබා ගුවනේ අතුරුදන්වූ අතර, එහි සුන්බුන් සොයා සිදුකළ මෙහෙයුම්වලින් ප්‍රතිඵලයක් අත්වූයේ නැහැ.

මැලේසියාව, චීනය සහ ඔස්ට්‍රේලියාව දකුණු දිග ඉන්දීය සාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් 2017 වසරේ ජනවාරි මාසයේ අත්හැර දමනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 133ක් ඒ සදහා වැය කිරීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් යානය අතුරුදන්වී වසර හයක් ගතවද්දී සිය නෑ හිතුවතුන් සමඟ අතුරුදන්වූ ගුවන් යානය සොයන ලෙසට නව ඉල්ලීම් ඉදිරිපත් වන බව විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top