මුහුදු කූඩැල්ලන් ඇල්ලූ දෙනෙනෙක් නාවික හමුදා භාරයට
Sunday, 08 March 2020 - 11:23 | Views - 503
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදීයි මොවුන් සිය භාරයට ගෙන ඇත්තේ.
එහිදී සැකකරුවන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 602 ක්, ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් යාපනය, සෙට්ටිපුලම් සහ මුලන්කාවිල් ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.
අදාල සැකකවන්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සහ කිමිදුම් උපකරණ ඇතුළු ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වෙලනි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
Share This Article