කොවිඩ් - 19 මාලදිවයිනටත් පැතිරේ - ලතින් ඇමරිකාවේ ප්‍රථම මරණය ආජන්ටිනාවෙන්
Sunday, 08 March 2020 - 10:17 | Views - 639
මාලදිවයිනෙන් තහවුරු කළ කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු ප්‍රථම වරට හමුවී තිබෙනවා.

ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ ඉතාලි ජාතික සංචාරකයෙකුගෙන් බවටයි විශ්වාස කෙරෙන්නේ.

එම ඉතාලි ජාතිකයා මේ වනවිට සිය රට බලා ගොස් ඇති අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මාලදිවයින මෙලෙස කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවීමත් සමඟ දිවයින් දෙකක් නිරෝධායනයට ලක්කිරිමට තීරණය කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම පසුගිය දින 14 තුළ ඉතාලියේ ගත කළ කිසිවෙකුට අද සිට මාලදිවයිනට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර ලතින් ඇමරිකාවේ ප්‍රථම කොරෝනා වෛරස් මරණය ආජන්ටිනාවෙන් වාර්තාවනවා.

යුරෝපයේ සිට පැමිණි 64 හැවිරිදි පුද්ගලයෙකු බුවනෝස් අයර්ස් නුවරදී මෙලෙස කොරෝනා වෛරසයෙන් මියගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ තුන්වන මරණයද අද සිඞ්නි නුවරින් වාර්තාවුණා. ඔහු 80 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඕස්ට්‍රේලියාවේ කොවිඩ් - 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70 කට ආසන්නයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවද 209 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බි්‍රතාන්‍යයෙන් කොරෝනා වෛරස් මරණ දෙකක්ද වාර්තාවුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top