ලෝකයම කළඹමින්, වූහාන් - කොරෝනා ගැන අවුරුදු 40කට කලින් නවකතා පොතක ලියවුණේ කොහොමද?
Sunday, 08 March 2020 - 9:42 | Views - 56,101
කොරෝනා වයිරසය මේ වන විට මුළු ලොවම භීතියෙන් මුසපත් කරවන්නට සමත්ව ඇතැයි කිවහොත් එය මුසාවක් නොවේ. ලොව කවර අතක, කවර පෙදෙසක ජීවත්වන්නවුන් වුව අද දවස ගෙවන්නේ මහත් චකිතයකිනි.
 
හිටි අඩියේ පසුගිය දෙසැම්බරයේ වූහාන් ප්‍රදේශයෙන් හිස එසවූ මේ වසංගතය ගැන කල්තබා දැනගත්තේ නම් එය පාලනය කර ගත හැකිව තිබුණේ යැයි පවසන පිරිසක් ද සිටිති.

ඒ කාරණය කෙසේ හෝ වේවා වූහාන් වසංගතය ගැන මීට වසර හතළිහකට පමණද කතාබහට ලක් වූයේ යැයි යමකු කියනු ඇසුවොත් ඊට ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? සැබවින්ම එය එසේ සිදුවී තිබේ.
 
එහෙත් ඒ යම් අනාවැකියක නොව 1981දී Dean Koontz විසින් ලියන ලද නවකතාවකය. ත්‍රාස නවකතා ශානරයට වැටෙන The Eyes Darkness නම් වූ මෙහි වූහාන් 400 (Wuhan - 400) නමැති වයිරසයක් පිළිබඳව සඳහන් වෙයි. මේ නවකතාවට අනුව එය එක්තරා පර්යේෂණාගාරයක් තුළ නිර්මාණය වූවකි.
 
ඒ බව සඳහන් වන පිටුවේ පින්තූරයක් Darren of plymouth නමැති ට්විටර් ගිණුමක සඳහන්ව ලොව පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබිණි. බොහෝදෙනා දැන් විමසන්නේ කොරෝනා වයිරසයද මේ නවකතාවේ දැක්වෙන Wuhan - 400 වයිරසය මෙන්ම විද්‍යාගාරයකදී අත්හදා බලන ලද්දක් ද යන්නය. එහෙත් මේ වූ කලී නවකතාවක් මිස හුදෙක් විද්‍යාත්මක ලියැවිල්ලක් හෝ අනාවැකි කීමක් නොවන බැවින් එය එසේ වන්නට තිබෙන ඉඩකඩ ඉතා අඩුය.
 
එහෙත් එබඳු අනාවැකියක් ද පළවී තිබෙන බව අපට දැකගන්නට නොලැබෙන්නේ නොවේ. ඒ 2008 වසරේ ලියැවුණු End Of Days කෘතියෙහි ය.
 
End of Days.... Predictions and prophecies About the End of the world නමැති මෙහි කතුවරිය වන්නේ සිල්වියා බ්‍රවුන්ය. ලෝකයේ පුරා කොරෝනා වයිරසයක් පැතිර යන බව මීට වසර ‍ෙදාළහකට පෙර ලියවුණු මේ කෘතියෙහි සඳහන් වන බවක් පැවසෙයි. තවමත් සත්‍යයක්ද අසත්‍යයක් දැයි නිශ්චිතව ඔප්පු වී නැති End of the Days කෘතියෙහි පිටුවක් යැයි කියැවෙන ඡායාරූපයක් අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් පවතිනු දක්නට පිළිවන.
 
“IN around 2020 a Severe Pneumonia - like illness will Spread througont the globle attacking the lungs and bronchial tubes resisting all known treatments” යනුවෙන් එහි සඳහන්ය. ස්වාසන නාළය හා පෙණහලු ආසාදනය කරමින් වැලඳෙන නියුමෝනියා ආකාරයේ රෝග තත්ත්වයක් 2020 වසර ආසන්නයේදී ලොව පුරා පැතිර යන බවත් එයට නිසි ප්‍රතිකාරයක් සොයාගන්නට නොහැකි වනු ඇති බවත් එකී අනාවැකියේ සඳහන් වෙයි.
 
සැබැවින්ම මේ අනාවැකිය පළවී ඇත්තේ Covid - 19 පිළිබඳවමද? එහි සඳහන් රෝග ලක්ෂණද බැරෑරුම් බවද පැතිරී යෑමද ගැන සලකා බලන කල අපට පෙනෙන්නේ ඒ නම් ටක්කෙටම සිදුවී ඇති අනුමානයක් බවය. මෙය ද ට්විටර් ඇතුළු බොහෝ සමාජ මාධ්‍ය හරහා ලොව කැලඹෙමින් පැතිර යන අතර තවමත් මෙය බොරුවකැයි ඔප්පු කරන්නට කිසිවකු ඉදිරිපත්ව ඇති බවක් නොපෙනේ.
 
පාලිත ජයකොඩි
මව්බිම

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top