කටුගස්තොටදී දරුවෙකු පැහැර ගැනීමට ගිය බංග්ලාදේශ ජාතිකයින් හතරදෙනෙකු ඇතුලු - හයක් අත්අඩංගුවට
Sunday, 08 March 2020 - 9:23 | Views - 1,562
කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12 ක් පමණ වන පිරිමි දරුවෙකු පැහැරගෙන යාමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතිකයින් 04 ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරු 03 ට පමණ අදාළ පිරිමි දරුවා මිතුරන් කිහිප දෙනෙකු සමඟ සිය නිවෙස බලා යමින් සිට ඇත්තේ උපකාරක පන්තියකට සහභාගිවීමෙන් අනතුරුවයි.

එහිදී එම ස්ථානයට අදාළ පිරිස වෑන් රථයකින් පැමිණ එම දරුවා මීටර් කිහිපයක් ඇදගෙන ගොස් වෑන් රථයට දමා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී දරුවාගේ පියා එම ස්ථානයට පැමිණ දරුවා බේරාගෙන ඇති අතර, ඉන් අනතුරුව ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කටුගස්තොට පොලිසිය අදාළ වෑන් රථය සමඟ මෙම සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 04 දෙනෙකු බංග්ලාදේශ ජාතිකයින් වන අතර, අනෙක් පුද්ගලයින් දෙදෙනා කඩවත සහ ගලගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන්.

අදාළ වෑන් රථයේ හිමිකරු නඩාටුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පැහැර ගැනීමට තැත්කළේ කුමක් අරමුණු කරගෙනද යන්න එහිදී විමර්ශනයට ලක් කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top