
දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයෝ 298,132 ක් පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වුණේ, ඒ අතර පවුල් 74796 ක් වන බවයි.
කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් පීඩා එල්ලවී තිබේ. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයටයි.
වියළි කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175 ක පුද්ගලයින් 215525 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ, ඉදිරි දින කිහිපයේත් පවතින උෂ්ණාධික කාලගුණය අපේක්ෂා කරන බවයි.
75 Views
103 Views
266 Views
164 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
245 Views
705 Views
80 Views
80 Views
76 Views
49 Views