මාතර රාහුල විද්‍යාලයේ රථ පෙළපාලිය අතර තුර සිදුවූ අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
Saturday, 07 March 2020 - 17:14 | Views - 771
මාතර රාහුල විද්‍යාලයේ සංවිධානය කර තිබූ රථ පෙළපාලියක් අතර තුර එහි ගමන් ගත් වෑන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
අද (07) සිදුවූ මෙම අනතුරෙන් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ තිදෙනෙක් මාතර මහරෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතල තත්ත්වයේ පසුවන එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
රෝහලට ඇතුළත් කරන විට ඔවුන් තුන්දෙනාම බීමතින් සිට ඇති බව ද රෝහල් පොලීසිය ප්‍රකාශ කළා.
අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
Share This Article