පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීමේ ගිවිසුම මාස 6කින් දික් කරයි
Saturday, 07 March 2020 - 17:09 | Views - 398

විදුලි අර්බුදය උග්‍ර වීමත් සමඟ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 64ක් වැනි ඉහළම මිලකට මිලදී ගැනීමට අදාළ ගිවිසුම මාස හයකට දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම හදිසි මිලදී ගැනීම් යටතේ විදුලිය මිලදී ගැනීම් මඟින් පෞද්ගලික ඩීසල් බලාගාරවලට එළැඹෙන මාස හයේදී රුපියල් කෝටි 2100ක ආදායමක් ලබා ගැනීමට අවස්ථාව හිමිව ඇත. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 11ක් වන අතර විදුලි ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 17ක් පමණ වේ.

මෙරටට අවශ්‍ය විදුලිය ජනනය කළ හැකි ගල්අඟුරු බලාගාර, ස්වාභාවික ද්‍රව වායු (එල්.එන්.ජී.) බලාගාර, සුළං හා සූර්යබල විදුලි ව්‍යාපෘති ඉදිකිරීමට නොදෙන්නේ මෙවැනි වාතාවරණයක් නිර්මාණය කර ගැනීමට යැයි ඉන්ජිනේරුවෝ කියති. ඉදිරි මාසයෙන් පසු ජලාශ පිරී විදුලි අර්බුදය අවසන් වුවත් මෙම පෞද්ගලික ඩීසල් බලාගාර සමඟ අස්සන් කර තිබෙන ගිවිසුම් ප්‍රකාරව විදුලිය ගත්තත් නැතත් මුදල් ගෙවිය යුතු බවද ඔවුහු කියති.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top