කුවේටය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් සමඟ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
Saturday, 07 March 2020 - 13:00 | Views - 1,671
කුවේට් රාජ්‍යය අද සිට සතියක කාලයක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් වෙත සහ එම රටවලින් පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා වෛරසයේ පැතිර යාම සැලකිල්ලට ගෙන ඔවුන් මෙම තීරණය ගෙන ඇති අතර, කුවේට් රාජ්‍යය, මෙලෙස ගුවන් ගමන් අත්හිටවූ සෙසු රටවල් වන්නේ ඊජිප්තුව, පිලිපීනය, සිරියාව, ලෙබනනය, බංග්ලාදේශය සහ ඉන්දියාවයි.
ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල සති දෙකකට වැඩි කාලයක් ගත කළ විදේශීය ශ්‍රමිකයන්ට ද කුවේටය වෙත ඇතුළු වීම තාවකාලිකව තහනම් වනු ඇති.
කෙසේ නමුත් අදාළ රටවලින් පැමිණෙන කුවේට ජාතිකයන් සති දෙකක නිරෝධායන කාලයකට යටත්ව රටතුළට ඇතුළු කර ගන්නා බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.
කුවේටයෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 58 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබෙනවා.
Share This Article