කුවේටය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් සමඟ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
Saturday, 07 March 2020 - 13:00 | Views - 1,672
කුවේට් රාජ්‍යය අද සිට සතියක කාලයක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් වෙත සහ එම රටවලින් පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසයේ පැතිර යාම සැලකිල්ලට ගෙන ඔවුන් මෙම තීරණය ගෙන ඇති අතර, කුවේට් රාජ්‍යය, මෙලෙස ගුවන් ගමන් අත්හිටවූ සෙසු රටවල් වන්නේ ඊජිප්තුව, පිලිපීනය, සිරියාව, ලෙබනනය, බංග්ලාදේශය සහ ඉන්දියාවයි.

ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල සති දෙකකට වැඩි කාලයක් ගත කළ විදේශීය ශ්‍රමිකයන්ට ද කුවේටය වෙත ඇතුළු වීම තාවකාලිකව තහනම් වනු ඇති.

කෙසේ නමුත් අදාළ රටවලින් පැමිණෙන කුවේට ජාතිකයන් සති දෙකක නිරෝධායන කාලයකට යටත්ව රටතුළට ඇතුළු කර ගන්නා බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.

කුවේටයෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 58 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top