කැළණිය සරසවියේ සති අන්ත පාඨමාලා අද සිට යළි ඇරඹේ
Saturday, 07 March 2020 - 10:25 | Views - 836
කැළණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන සති අන්ත පාඨමාලා අද සිට යළි ඇරඹෙන බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කළා.
ඒ අනුව පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලු විභාග අද සිට සුපුරුදු පරිදි පැවැත්වෙන බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ සඳහන් කළේ.
සිසුන් පිරිසක් සී.සී.ටී.වී. කැමරා ගලවා ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු කැළණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය තාවකාලිකව වසා දැමුණා.
Share This Article