දකුණු කොරියාවේ කොරෝනා මරණ 44 දක්වා ඉහළට
Saturday, 07 March 2020 - 9:36 | Views - 869
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් දකුණු කොරියාවේ මිය ගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, ආසාදිත රෝගීන් සංඛ්‍යාව ද 6767 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉතාලියේ මරණ 197ක් සිදුවී ඇති අතර, ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4636ක්.
ඉරානයේ ද මරණ 124ක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 4747 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රංශයේ ද මරණ 9ක් වාර්තා වන අතර, ආසාදිත රෝගීන් සංඛ්‍යාව 653ක්.
මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති සුපිරි මගී නෞකාවක 21 දෙනෙකුට කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
කාර්ය මණ්ඩලයේ 19 දෙනෙකුට සහ මගීන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති අතර ග්‍රෑන්ඞ් ප්‍රින්සස් නැමති මෙම නෞකාවේ ගමන් කරන සංඛ්‍යාව 3400කට අධිකයි.
Share This Article