මිලියනයක් වටිනා වල්ලාපට්ටා තෙල් සමඟ සැකකරුවෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
Saturday, 07 March 2020 - 8:22 | Views - 820
නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ මිලියනයක් වටිනා වල්ලාපට්ටා තෙල් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඩුබායි බලා යන යූ.එල් 225 යානයෙන් එම වල්ලාපට්ටා තෙල් රැගෙන යාමට සැකකරු උත්සාහ කළ අවස්ථාවේ ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය අංශය සඳහන් කළේ.
සැකකරු සතුව තිබී වල්ලාපට්ටා තෙල් ග්‍රෑම් 625ක් බෝතල් 4ක අසුරා තිබියදී සොයාගෙන තිබෙනවා.
Share This Article