CID යෙන් බව පවසා කාන්තාවකගෙන් ලක්ෂයක කප්පමක් ලබා ගැනීමට තැත් කළ කල්ලියේ නායකයා රිමාන්ඩ්
Saturday, 07 March 2020 - 8:02 | Views - 321
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බව පවසා මුදල් ලබා ගැනීමට තැත් කළ උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරුවන් ඊයේ ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්රධාන සැකකරු හැර අනෙක් සැකකරුවන් සහ සැකකාරිය ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් යක්කල ප්රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීමට සූදානම් වූ කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු පොලීසිය පසුගිය 4 වන දා අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article