සත්ත්ව ආහාර වෙළෙඳාමට චීනය සීමා පනවයි
Friday, 06 March 2020 - 19:57 | Views - 1,206

කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භ වී මාස තුනකට ආසන්න කාලයකදී ලොව පුරා රටවල්  90ක පමණ පැතිර ගොස් තිබෙනවා.

worldometers වෙබ් අඩවියේ දත්ත වාර්තා අනුව අද දිනය වනවිට ආසාධිතයන් 98 752ක් හඳුනාගෙන ඇති අතර පුද්ගලයන් 3389ක් වෛරසය  හේතුවෙන් මියගොස් තිබෙනවා.

පුද්ගලයන් 55 662ක් සුවය ලබා ඇතැයිද වාර්තා වනවා.

වෛරසය පැතිරී යාමේ අවදානම  තවමත් අඩු නොවීම නිසා විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ එය පාලනය කරගන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ සංවිධාන මෙන්ම ඒ ඒ රටවල පාලක පක්ෂයන්ද උත්සාහ ගනිමින් සිටිනවා.

කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූයේ වූහාන් හි සත්ත්ව ආහාර ද්‍රව්‍ය  වෙළෙඳපොලකින් වීම නිසා එවැනි  වෙළෙඳපොල සහ ගොවිපොල කටයුතු සීමා කරන්නට චීනය පියවරගෙන ඇතැයි වාර්තා වනවා.

පෙබරවාරි මස අගදී සියලුම සත්ත්ව ගොවිපොල සඳහා තාවකාලික තහනමක් පැනවූ චීනය පරිසර විද්‍යාත්මක, ජීවවිද්‍යාත්මක හා සමාජීය වශයෙන් වටිනාකමක් සහිත සතුන් පරිභෝජනය සම්බන්ධ නව නීති මේ වසර අගදී ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වනවා.

කෙසේ වෙතත් සත්ත්ව වෙළෙඳාම සම්බන්ධයෙන් සීමා පැනවීම එතරම පහසු කටයුත්තක් නොවන්නේ චීන ජාතිකයන්ගේ ආහාර රටාව සමග මෙන්ම සංස්කෘතික කටයුතු සමගද සතුන් බැඳී පැවතීම හේතුවෙන්.

චීන ජාතිකයන් සාම්ප්‍රධායික බෙහෙත්, ඇඳුම් නිර්මාණය, ආභරණ සහ සැරසිලි නිර්මාණයටද විවිධාකාර සතුන් භාව්විතා කරනවා. එමෙන්ම සුරතලය සඳහා සතුන් ඇති කිරීම චීන ජාතිකයන් අතර බහුලව දැකගන්නට පුළුවන්.

මීට පෙර සාර්ස් වෛරසය පැතිර ගිය අවස්ථාවේද 2003 වසරේදී මේ ආකාරයට චීනය සත්ත්ව වෙළෙඳාම සම්බන්ධයෙන් සීමා පනවනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ සතුන් ඈඳාගත් සංස්කෘතිකාංග අතහැර දැමීමටත්, සාම්ප්‍රදායික බෙහෙත් ක්‍රම සඳහා සතුන් භාවිතය නතර කර දැමීමටත් චීනය පියවර ගතයුතු බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top