අද රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට වැසි
Friday, 06 March 2020 - 19:48 | Views - 1,636
අද රාත්‍රී කාලයේ මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක 75ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.
හෙට දිනයේදී සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් කලුතර, ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් විශේෂයෙන් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ද බලාපොරොත්තු විය හැකියි.
Share This Article