චීනයට සහ ජෙඩා නුවරට සිදු කෙරෙන ශ්‍රී ලන්කන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
Friday, 06 March 2020 - 19:43 | Views - 905
චීනයට සහ සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම මස 10 වනදා සිට අප්‍රේල් මස 30 වනදා දක්වා චීනයට සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරෙන අතර ලබන 15 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා ජෙඩා නුවර දක්වා සිදු කෙරෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමන් තාවකාලිකව අත්හිටුවනු ඇති.
Share This Article