හෙට දිනයේත් උණුසුම් කාලගුණයක්
Friday, 06 March 2020 - 19:22 | Views - 492
හෙට දිනයේත් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම මොනරාගල, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු බවයි.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳවද අවධානයෙන් පසුවිය යුතු බව එහි තවදුරටත් සඳහන්.
Share This Article