ආසාත්මිකතාවකින් සූරියවැව සිසුන් 28 දෙනෙකු රෝහල් ගත කෙරේ
Friday, 06 March 2020 - 16:36 | Views - 481
සූරියවැව - නබඩගස්වැව මහාවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආසාත්මිකතාවක් හේතුවෙන් අද රෝහල් ගත කර තිබෙනවා.
එම විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 15 දෙනෙකු සහ සිසුවියන් 13 දෙනෙකු මෙලෙස සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
විද්‍යාලයෙන් ලබා දුන් ආහාර ගැනීමෙන් පසු සිසු සිසුවියන්ගේ උදරයේ වේදනාවන් හට ගෙන ඇති අතර, ඒ අනුව ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.
Share This Article