ෆිනෑන්ස් නොගෙවූ ලොරිය ගෙනියන්න ආපු වාහන සීසර්වරුන්ට පහරදී එක් අයෙකු මරලා
Friday, 06 March 2020 - 15:00 | Views - 6,365
මාසික වාරික ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කුඩා ලොරි රථයක් ආපසු රැගෙන යැමට පැමිණි එම ලිසිං සමාගමේ පස් දෙනකුට නිවසේ සිටි පිරිසක් පහරදීමෙන් එක් අයකු මියයාමේ සිදුවීමක් මාරවිලින් වාර්තා වනවා.
 
මාරවිල හල්පන්විල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිණි ලීසිං සමාගමේ පිරිස හා නිවැසියන් අතර සිදුවූ බහින් බස්වීමකින් පසුව මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ලොරි රථයේ අයිතිකාර පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවසුවා.
 
මියගොස් ඇත්තේ වෙන්නප්පුව, සිරිගම්පල පදිංචිව සිටි හපන් පේඩිගේ සුදත් ප්‍රසන්න (45) නමැති විවාහකයෙක්.
 
මොහු ලීසිං සමාගමක වාරික නොගෙවන වාහන අත්පත් කරදෙන කණ්ඩායමක සේවකයෙක් බවද පොලිසිය පවසනවා.
 
මාරවිල පොලිස් වසමට අයත් හාල්පන්විල ප්‍රදේශයේ අයකු විසින් ගෙවීමේ ක්‍රමයට ලබාගත් (ලීසිං) කුඩා ලොරි රථයක මාසික වාරික ගෙවීම පැහැර හැරිමට කියමින් හලාවත ප්‍රදේශයේ ලීසිං සමාගමක වාහන සිසර්වරුන් පස් දෙනකු ඊයේ (05) උදේ 10.00ට පමණ එම ලොරි රථය රැගෙන යාමට වෑන් රථයකින් පැමිණ ඇතැයි සඳහන්.
 
මේ අවස්ථාවේ ලොරි රථය රැගෙන යාමට පැමිණි සීසර්වරුන් සහ එහි අයිතිකරු අතර බහින්බස්වීමක් සිදුවී එය පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇති බව කියැවෙනවා.
 
ලොරි රථය රැගෙන යෑමට හා සීසර්වරුන් එහි අයිතිකරුටද පහරදීමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
 
මේ අතර ලොරි රථය රැගෙන යැමට ආ අය පැමිණි වෑන් රථයේ රෝදයක හුළං ඇර තිබීම නිසා පහරකෑමට ලක්වූ අය ලොරි රථයේ දමා ගෙන සෙසු සිවුදෙනා ඔහු මාරවිල රෝහලට බාරදී පලාගොස් ඇති බවද එම පොලිස් නිලධාරීවරයා සඳහන් කළා.
 
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සුදත් නමැත්තා එහි ගොස් ඇති අතර මේ බව රෝහල් බලධාරීන් මාරවිල පොලිසියට දැනුම් දී ඇති අතර මෙම පහරදීමට අදාළව ලොරි රථයේ අයිතිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් පරීක්ෂණ වලින් පෙනී ගිය තොරතුරු මතයි.
 
මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (3) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර වෛද්‍ය පරික්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට යැවීමට කටයුතු කරන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
 
නාත්තන්ඩිය හා මාරවිල පොලිස් නිලධාරිහු මෙම ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වනවා.
 
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top