කොළඹ වායුව මනින අලුත්ම උපකරණය -[Video]
Friday, 06 March 2020 - 14:31 | Views - 530
කොළඹ මහ නගර සභාව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව කොළඹ නගරයේ වායුගෝලයේ තත්ත්වය මැන බැලීම සඳහා ස්වංක්‍රීය තත්ත්ව මැනීමේ උපකරණයක් ස්ථාපිත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුනා
එම යන්ත්‍රය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි කියා සිටියේ කොළඹ නගරයේ පවතින වායුගෝලයේ දූෂක තත්ත්වය මැන බැලීමට මෙමගින් හැකි වන බවයි.
මෙය ඓතිහාසික අවස්ථාවක් බවද පැවසු ඔහු, කොළඹ මහා නගර සභාවේ සිට කිලෝ මීටර 2ක් දුරින් පිහිටි සියලු ආයතනවල වායු තත්ත්වය මැන බැලීමේ හැකියාවද මෙම යන්ත්‍රය සතුව ඇතැයි සඳහන් කළා.
Share This Article