හලාවත කුරුණෑගල ප්රධාන පාරේ තිබී අභිරහස් මළ සිරුරක්
Friday, 06 March 2020 - 14:27 | Views - 1,526
අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හලාවත කුරුණෑගල ප්රධාන මාර්ගයේ මුන්නේශ්වරම ප්රදේශයේ තිබී හලාවත පොලිසිය විසින් අද (06) අළුයම සොයා ගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හලාවත කන්ජුක්කුලිය ප්රදේශයේ පදිංචි කරුවෙකුවූ සුරංග සාගර ජයසිංහ නමැති අවිවාහක අයෙකි. මොහු වසර විස්සකට වැඩි කාලයක් ඉතාලියේ සේවය කර ඇති අතර පෙරේදා හලාවත මැල්පුර ප්රදේශයේ පැවති දානයකට සහභාගීවී අළුයම එම නිවසින් පිටව ඇත්තේ කන්ජුක්කුලිය නිවසට යන බව පවසමිනි.
මේ පුද්ගලයා වාහනයක ගැටීමෙන් පසු එම වාහනය මොහු මාර්ගයේ දමා යන්නට ඇති බවට සැකයක් මතුව ඇති අතර නමුත් ඔහු වැටී සිටි ස්ථානයේ රිය අනතුරක කිසිදු සලකුණක් නොමැති වීම පිලිබදවද පොලිසියේ විශේෂ අවධානය ලක්ව තිබෙනවා.
Share This Article