ලොකුළුෑණු මිල පහත වැටෙන ලකුණු
Friday, 06 March 2020 - 13:49 | Views - 700
ඉන්දියාව ලොකුළුෑණු අපනයනයට අවසර දීමත් සමඟ ලබන 20 වන දායින් පසු දේශීය වෙළඳපොළේ ලොකුළුෑණු මිල පහත වැටෙනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ආනයනික ලොකුළුෑණු කිලෝවක් සඳහා රුපියල් 190 උපරිම සිල්ලර මිලක් පසුගිය දා පැනවුණු නමුත්, ඉදිරියේදී ඊට වඩා අඩු මිලට වෙළදපොළේ ලොකුළුෑණු අලෙවි වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, උදු සහ කහ ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමඟ මේ වන විට වෙළදපොළේ එම ද්‍රව්‍යයන්ගේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ බොහෝ දුරට මෙම තහනම ලබන සතියේ ඉවත් කෙරෙනු ඇති බවයි.
තම සංගමය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී පසුගිය දා කළ සාකච්ඡාවේ ප්‍රතිඵලකයක් ලෙස මෙම තහනම ඉවත් කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.
Share This Article