ඔලිම්පික් ශූරියට සිව් වසර තහනමක්
Friday, 06 March 2020 - 12:15 | Views - 495
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 3000 කාන්තා බාධක දිවිමේ රන් පදක්කම් දිනාගත් රූත් ජෙබෙට් ක්‍රීඩිකාවට වසර හතරක තහනමක් පැනවූ බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පවසයි.

කෙන්යාවේ උපත ලැබූ නමුත් බහරේනය වෙනුවෙන් තරඟ කළ 23 හැවිරිදි රූත්ගේ රුධිර සාම්පලයක එරිත්රොපොයිටින් තහනම් ඖෂධ සංඝටක අඩංගුවී ඇත.

ඇයගේ රුධිර සාම්පලයක් 2017 වසරේ දෙසැම්බර් මාසයේදී ලබාගෙන ඇති අතර පරීක්ෂා කිරීමේදී තහනම් ඖෂධ සංඝටක තිබී ඇත. එම නියැදිය තරග කාලයෙන් බැහැරව සිටියදී ලබා ගැනීම විශේෂත්වයකි. මේ හේතුවෙන් 2018 පෙබරවාරි 4 වන දින සිට තාවකාලික අත්හිටුවීමක් ලබා දී තිබූ අතර තමා කිසි විටෙකත් හිතාමතාම එම ද්‍රව්‍යය ලබා නොගත් බව ඇය විනය විනිශ්චය සභාව හමුවේ පැවැසූවාය.

එහෙත් ඇය තහනම් උත්තේජක ලබා ගැනීම හිතාමතාම සිදු කළ බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පරීක්ෂණ ඒකකය තහවුරු කොට ඇත. මෙම තීරණය ප්‍රකාශ කිරීමට වසර 2කට ආසන්න කාලයක් ගතවිය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top