මාතලේම කම්පා කරමින් පස් කන්දක් ජිවිතයක් බිලිගත් හැටි
Friday, 06 March 2020 - 11:26 | Views - 1,064
මාතලේ - මඩවල උල්පත ප්‍රදේශයේදී කඩා වැටුණු පස් කන්දට යට වුණු පුද්ගලයෙකු මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
ඔහු ජල ව්‍යාපෘතියක් සඳහා කාණුවක් කපමින් සිටි අවස්ථාවේ මෙලෙස පස් කන්ද කඩා වැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මිය ගිය පුද්ගලයා 59 හැවිරිදි කුඩාගම - ඇලහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර, වාහනයක ගැටීමෙන් මිය ගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හලාවත - මුන්නේෂ්වරම් ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.
අද අලුයම සොයා ගත් මෙම මළ සිරුර හලාවත - අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනා ගැනුණා.
Share This Article