දරුවන් වෙනුවෙන් 'ජීවිත ආරක්ෂක අසුනක්'
Friday, 06 March 2020 - 10:47 | Views - 439

මාර්ග අනතුරුවලදී දරුවන්ගේ ආරක්ෂාව සඳහා 'ජීවිත ආරක්ෂක අසුනක්' හඳුන්වා දීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පියවර ගෙන තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේවන විට මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන සාධක 05ක් පිළිබද අවධානය යොමු කර ඇති අතර ඒ අතරින් කුඩා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිල්ලට ගෙන ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් මහතා හිරු වෙබ් අඩවියට පවසා සිටියේ.
වයස අවුරුදු 02කට අඩු දරුවන් සඳහා මෙම ආරක්ෂක අසුන හඳුන්වා දී ඇති බවත් වෙළඳපොලේ රුපියල් 15,000ත් 50,000ත් අතර මුදලකට මෙම ආරක්ෂක අසුන් (Baby seat) මිලදී ගත හැකි බවයි සභාපතිවරයා කියාසිටියේ.
වාහනයක් මිලදී ගන්නා විට වාහනයේ මිල, ලීසින් පහසුකම් පිළිබඳ සැලකිල්ලක් යොමු කරන වාහන හිමිකරුවා දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසාසිටියේ.
මෙම ජීවිත ආරක්ෂක ආසනය පෞද්ගලික වාහන සඳහා අනිවාර්ය කිරීම සම්බන්ධ යෝජනාව ප්‍රවාහන සේවා කළමානාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර වෙත යොමු කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට තීරණය කරන බව ඇන්ටන් ද මෙන්ස් මහතා කියා සිටියා.
විශේෂයෙන්ම මෑතක සිට පෞද්ගලික වාහනවලින් ගමන් කිරීමේදි සිදුවන මාර්ග අනතුරුවලදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා දරුවන්ට ජිවිත මෙන්ම ශාරීරික හානි සිදුවන අවස්ථා බහුලවීම සැලකිල්ලට ගෙන මෙම ජිවිත ආරක්ෂක අසුන හඳුන්වා දී තිබෙනවා.
Share This Article